ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ප්‍රවේශ පත්‍ර කවුලු අසළ ඇතිවූ ගැටුම ගැන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත් අවධානය යොමුව තිබේ.
ඒ අනුව ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පුද්ගලිකවම කථා කරමින් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසද උපදෙස් දී තිබේ.
එම පරීක්ෂණය පවත්වන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා දැනටමත් උපදෙස්දී ඇති අතර අදාළ වාර්තාව ලැබණ පසුව ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලබාදීමටත් නියමිතය.