"රටට ගෙනා ගෞරවයත් එක්ක ක්‍රීඩා ක්ෂේත්රය තුළ මා ලබාගත් අත්දැකීම්, ඉගෙන ගත්තු දෑ අවබෝධය අනුව වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩාව ගමට ගෙනයෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා" යැයි ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (28දා) ක්‍රීඩා අමාත්‍යාංශයේ 'ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක' තනතුරෙහි වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් පළ කළ සුසන්තිකා,
"වර්තමාන රජය උගත්, බුද්ධිමත් ක්‍රීඩා අමාත්‍යවරයෙකු රටට, ක්‍රීඩාවට ලබාදී තිබෙනවා. මට ලැබුණ ඇගයීම ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලිවලදී ජයග්‍රහණය කරන, රටට රන්, රිදී පදක්කම් දිනා දෙන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ලැබෙන බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.
මට මේ තැන ලැබුණ කියන්නේ පල්ලෙහා ඉන්න අයත් යම් කිසි දෙයක් කරන්න උන්නදු වෙනවා. ආසියානු මට්ටමේ ඉන්න අය ඊට වඩා හොඳ මට්ටමකට එන්න උත්සාහ කරනවා. ම
ම ස්තුති වන්ත වෙනවා ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ගත්තු මේ පියවරට. රටේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන් කරන ක්‍රීඩාව ඉතා විශ්වාසයෙන් කරගෙන යෑමට මෙය ඉතා විශාල පිටුවහලක්." යැයිද පවසා සිටියාය.