ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද ආරම්භ වූ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිව තිබේ.
ඒ නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ ස්වෙච්ඡාවෙන්ම මෙම ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කිරීමත් සමගිනි. ඔවුන් එරෙහිව පැනවීමට නියමිත තරග තහනමට අදාළව ඔවුන් ටෙස්ට් තරගාවලියට ක්‍රිඩා නොකරයි.
මේ අතර චන්දික හතුරුසිංහ වෙනුවට තාවකාලික පුහුණුකරු වශයෙන් තිලාන් සමරවිර පත්කිරීමටත් ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
සබැඳි පුවත්
වේග පන්දුවේ හා දඟ පන්දුවේ සටන ඇරඹෙයි
චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ ටෙස්ට් තරගාවලියට නෑ