සත්කාරක නවසීලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 196ක් රැස්කිරීමට සමත්විය. කලකට පසුව යළිත් ක්රිකට් පිටියට පිවිසි කුසල් පෙරේරා මෙම තරගයේදී නොදැවී 45කදී ලකුණු 53ක් රැස්කිරීමට සමත්වූ අතර චරිත් අසලංක පන්දු 41 කදී ලකුණු 67ක් රැස්කළේය.
ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 121ක සබඳතාවක් පැවැත්වීය.
ලකුණු 197ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය පන්දුවාර 20 දී ලකුනු 196ක් රැස්කළේ ඉෂ් සෝධි අවසන් පන්දුවට එල්ල කළ හයේ පහර සමගිනි.
මේ අනුව තරගයේ ජයග්රාහකයා තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යොමුකිරීමට සිදුවිය.
එහිදී නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් රැස් කළ අතර ශ්රී ලංකා කණ්ඩායම පන්දු තුනකදී ලකුණු 11ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.