සුගතදාස ක්‍රීඩාංගණය, සුගතදාස හෝටලය සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ඇතුළු තවත් ආයතන කිහිපයක් අයත් සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සභාපති ධුරයට මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.
මෙම පත්වීමට අදාළ නිල ලිපිය පෙරේදා (15දා) සුගතදාස හෝටල් පරිශ්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ප්රදානය කිරීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.
මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා මේ වන විට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.