මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ හොකී තරගාවලියේ සිය පළමු තරගයෙන් ජය වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ පෙරේදා (07දා) පැවැති තරගයෙන් සිංගප්පූරුව පරදා ගෝල 5-2ක විශිෂ්ට ජයක්හිමි කර ගනිමිනි. මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.
තරගයේ පළමු මිනිත්තු 20 තුළදී ගෝල ද්විත්වයක් වාර්තා කරමින් සිංගප්පූරුව ඉදිරියට පැමිණියද, ඉන් අනතුරුව තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාව සතුකර ගත්තේය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය 24වැනි මිනිත්තුවේදී චතුරංග චන්ද්‍රසේන වාර්තා කළ අතර, බෝදික ඩයස් 27වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය වාර්තා කළේය.
අනතුරුව සුපිරි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ විපුල් වර්ණකුල 28, 50 හා 59 වැනි මිනිත්තුවලදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හෙට (10දා) ප්‍රබල බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් 09ක් සහභාගි වන මෙම තරගාවලිය පසුගියදා (06දා) ආරම්භ වූ අතර, එය එළඹෙන 15වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලිය අවසානයේදී ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථානවල පසුවන කණ්ඩායම් 06 ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමට නියමිතය.