කොරෝනා වයිරස් අර්බුදය තුළ සමාජ දුරස්ථභාවය තබ ගනිමින් මිනිසුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න වගකිව යුතු පාර්ශව විසින් උපදෙස් ලබාදී තිබියදී ඒවා නොසලකා හරින පුද්ගලයින් 'වගකීම් විරහිත සහ ආත්මාර්ථකාමී' අය බවත්, ඔවුන් ගැන තමා කණස්සල්ලෙන් පසුවන බවත් ලෝක ෆෝමියුලා 1 ධාවන ශූර ලුවිස් හැමිල්ටන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටි. එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ අහිමි වූ ජිවිත ගැන තමන් දැඩි ලෙස කණගාටු වන බවයි.
“තමාගේ සෞඛ්‍ය අවදානමට ලක් කර ගෙන අය් අයට උපකාර කිරීමට සහ රටවල් පවත්වාගෙන යෑමට ඉතා ඕනෑකමින් කටයුතු කරන සාප්පුවක සේවය කරන අය, බෙදාහරින්නන්, වෛද්‍යවරැන්, හෙදියන් සහ ආරක්ෂක අංශ වෙනුවෙන් මම යාච් යාඥා කරනවා. ඒ අය වීරයන් වගේම වීරවරියන්. කරැණාකරලා ආරක්ෂිතව ඉන්න." යැයි ඔහු සඳහන් කර සිටී.
බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන හැමිල්ටන් ස්වයං හුදෙකලා වී ඇති අතර ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇත.
“මම සෑම දිනකම මගේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් යාච්ඥා කරනවා. මම ඔබ වෙනුවෙනුත් යාච්ඥා කරනවා” යැයි ලෝක ශූරයා පැවසීය.
35 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික හැමිල්ටන්,
“සමාජ ශාලාවලට, බාර්වලට සහ විශාල රුස්වීම්වලට යන අය තවමත් මෙහි සිටිනවා. එය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත හා ආත්මාර්ථකාමී දෙයක්. අපව හුදෙකලා කොට වෛරසය පැතිරීම වැළැක්වීම හැරෙන්නට අපට ඒ ගැන කළ හැකි කිසිවක් නැහැ.* වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
ෆෝමියුලා 1 ධාවන තරගාවලියේ ඔස්ට්‍රේලියානු තරගාවලිය ඇතුළු තරගාවලි 7ක් මේ වනවිට අතහැර දමා ඇත.
එෆ් 1 පාලක මණ්ඩලය පවසන්නේ ලොව පුරා ව්‍යාප්තව පවතින වසංගත තත්ත්වය පහව ගිය පසු, එනම් මැයි මාසයෙන් පසුව ෆෝමියුලා 1 තරග ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, දැනට පවතින කෝවිඩ් -19 තත්ත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත්ය.