පාපන්දු ලෝක කුසලානයට තරගවදිනක්රීඩකයන් 'සමලිංගිකත්වයට' සහාය පළකිරීම වැළැක්වීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) පියවර ගැනීමට විරෝධය පෑමට යුරෝපානු පාපන්දු කණ්ඩායම් කිහිපයක්ම කටයුතු යොදා ඇත. ඔවුන් පවසන්නේ ෆිෆා විසින් මානව අයිතිවාසිකම් කඩකිරීමට සූදානම් වන බවයි.
පාපන්දු ලෝක කුසලානයේදී සමලිංගිකත්වය තහනම් වන ආකාරයේ ක්රියාමාර්ග ගැනීමට විරෝධය පාමින් එංගලන්තය ඇතුළු යුරෝපානු පාපන්දු කණ්ඩායම්වල නායකයන් වර්ණ 07කින් යුත් 'OneLove’ අත්පලඳනා පැලඳීමට ක්රියා කළේය. එය පෙරේදා පැවැත්වූ එංගලන්ත- ඉරාන තරගය අතරතුරදී එංගලන්ත නායක හැරී කේන්ද පැලඳ සිටියේය.
කෙසේ වෙතත් වහාම ක්රියාත්මක වන පරිදි තරගය අතරතුරදී මෙම අත් පලඳනාව තහනම් කිරීමටත්, එය පැලඳ ක්රියා කළහොත් කහ කාඩ්පතක් මගින් අවවාද කරන බවටත් ෆිෆා තීරණය කර ඇත.
මේ සමගින් යුරෝපානු පාපන්දු සම්මේලනය තම කණ්ඩායම්වල නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, ෆිෆා තීරණයට ගරු කරමින් අදාළ අත්පලඳනා නොපලඳින ලෙසයි. ෆිෆාහි ප්රබලම සාමාජිකයා වන්නේද යුරෝපානු පාපන්දු සම්මේලනයයි. කෙසේ වෙතත් ෆිෆාහි මෙම තීරණයට එරෙහිව ජර්මනිය, අන්තර්ජාතික බේරුම්කාරක අධිකරණයේ (International court of Arbitration) අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අත්පළඳනාව