ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකර ගිය තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ නවසීලන්තයට එරෙහිව ඔහු ලකුණු 47ක් රැස්කිරීමත් සමගිනි.
මෙම තරගයට පෙරාතුව මැතිව්ස් ටෙස්ට් තරග 100කදී ලකුණු 6953ක් රැස්කරගෙන සිටි අතර අද රැස්කළ ලකුණු 47ත් සමගින් ඔහු ලකුණු 7000 සීමාව අභිභවා ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුනු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයන් අතර තෙවැනි ස්ථානයේ සිටි සනත් ජයසූරිය (තරග 110, ලකුණු 6973) සිව්වැනි ස්ථානය දක්වා පහළ ගියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරය ඔහු තරග 134කදී ලකුණු 12400ක් රැස්කරගෙන සිටින අතර සාමාන්‍ය 57.40ක් වෙයි.