බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ඔවුන් සමග පැමිණෙන සියලුමදෙනා දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව වසංගත රෝගවිද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (15දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මධ්‍ය සාකච්ඡාවට එක්විමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත් සමරවීර මහතා,
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේහ ක්‍රිකට් කණ්ඩායමවගේමඔවුන් සමගපැමිණෙන පිරිස් සහ ICC ආයතනයේ නිලධාරීන් ඇතුළු සියලුම දෙනාට අපි මාර්ග උපදේශයක් ලබා දෙනවා නිරෝධායනය වෙන්නේ කොහොමද කියලා.ඒ විදිහට ඒ අයඅනිවාර්ය‘යෙන්ම නිරෝධායනයට ලක්විය යුතුයි.එසේ නොමැති නම් අපේ රටේ තියෙන තත්ත්වය පවත්වාගෙන යන්න බැරිවෙනවා.
ශ්‍රී ලංකාවේ තියෙන කෝවිඩ්-19 අවදානමඅපි වළක්වා ගැනීමසඳහා මාර්ගඋපදේශයක් දුන්නම ඒකට ගැළපෙන විදිහට යම්කිසි දෙයක් කරනවා නම් ඒකට අනුගත වෙන්න පුළුවන්. ඒකට අපි සූදානම්.යම්කිසි කෙනෙකු කියනවා නම්ඒක කරන්න බැහැ කියලා අපිට සිදුවෙනවා ඒක ප්‍රතික්ෂේපකිරීමට.
මෙතනදී තියෙන්නේමේ සති දෙක නිරෝධායනය වීම. නිරෝධායනයට ලක්වන කාලයතුළ කරන්නේ මොනවද කියලා අපි බලන්න ඕන.මොකද බංග්ලාදේශ කණ්ඩායමලංකාවේ ක්‍රිකට් කණ්ඩායමත් සමගක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන්නේ. එතකොට ලංකාවේ ක්‍රීඩකයන් සමග මිශ්‍ර වෙනවා* යනුවෙන් පැවසීය.