සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18කින් පරාජය කරමින් දෙරට අතර පැවැති සිව්වැනි ඒක්දින තරගයෙන්ද ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගය පල්ලෙකැලේ පිටියේදි දිවා තරගයක් ලෙසින් පැවැත්විණ.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී ලකුණු 273/7ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 52ක් රැස්කළ අතර නායක චන්දිමාල් ලකුණු 33ක් රැස්කළේය.
මෙම තරගයේදීත් සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් අසාර්ථක වූ අතර ඔහුට පන්දු 14කදී රැස්කළ හැකිවූයේ ලකුණු 5ක් පමණි. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 66කදි ලකුණු 66ක් රැස්කළේ හතරේ පහර 4ක් හා හයේ පහර පහක් සමගිනි. තිසර පෙරේරාද පන්දු 41කදී ලකුණු 44ක් රැස්කළේය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් මොයින් අලී ලකුණු 55ට කඩුලු 2ක් දවාගත්තේය.
ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරන විට පන්දුවාර 27කදී ලකුණු 132/2ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන්ට ඩක්වරත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18ක ජයක් හිමිවිය.
එංගලන්ත කණ්ඩාමේ බිඳ වැටුණු කඩුලු දෙකේම හිමිකරුවා වූයේ අකිල ධනංජයයි. තරගයේ ජයත් සමගින් එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත්විය.
ී