ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර ශෙහාන් ජයසූරියත් වැඩිම කඩුලු ලාභීන් අතර ලසිත් මාලිංගත් පෙරමුණේ පසුවෙති.
තරගාවලියේ මේ වන විට කණ්ඩායම් හතරම තරග දෙක බැගින් ක්රීඩා කර තිබේ. ලසිත් මාලිංග නායකත්වය දරණ ගාලු කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ කොළඹ කණ්ඩායමත් තරග දෙක බැගින් ජයගෙන තිබේ.
දිමුත්ගේ නායකත්වය යටතේ ක්රීඩා කරන නුවර කණ්ඩායමට හා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායමටත් මේ දක්වා කිසිම තරගයක් ක්රීඩා කර නොමැත.
තරගාවලියේ මේ දක්වා වාර්තා වූ එකම ශතකය ශෙහාන් ජයසූරිය වාර්තා කළ අතර ඔහු එම ශතකයද සමගින් ලකුනු 116ක් රැසරකරමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. ලසිත් මාලිංග තරග දෙකකදී කඩුලු 8ක් දවාගෙන පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙයි.