සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමිමට තීරණය කෙරෙිණි. මෙම තරගය රාවල්පිණ්ඩි හි පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පිණ්ඩි ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රිෙය්දී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පිටිය ආවරණය කළ ආවරණ ජලයෙන් පිරී පැවති අතර ආවරණයෙන් පිටත ඇති ප්‍රදේශ තෙත් ස්වාභාවයක් ගෙන ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 12.30 ට තරගය අද දිනයට අතහැර දැමීමට විනිසුරුවන් ක්‍රියා කලේය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වන පළමු ටෙස්ට් තරගයේ සි්ව්වැනි දිනටත් කාළගුණයෙන් බාධා පැමිණ ඇත. ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රිෙය් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පිටියේ ඇති තෙත් ස්වාභාවය නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත. ඊයේ දිනය නිමා වද්දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුළු 6 කට ලකුණු 282 ක් ලබා සිටියහ. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ධනංජයද සිල්වා ලකුණු 87 ක්ද දිල්රුවන් පෙරේරා ලකුනු 6 ක්ද ලබා සිටියි