සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය වන අද(19දා) තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම පන්දුවාරයක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 05ක් ලබා සිටියේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 305ක් රැස් කළේය.