ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා තිබූ තහනම නිළ වශයෙන් ඉවත් කර ඇත. මේ සම්බන්ධයෙන් අද (13දා) නිවේදනයක් නිකුත් කරමින් ආසියානු රග්බි සම්මේලනය දන්වා සිටින්නේ පසුගිය වර්ෂයේ ජනවාරි පළමුවැනිදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරිමට ඒම අමාත්‍යංශය පියවර ගැනීමත් සමගින් ඒ් පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බවයි.
ඒ් අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ආසියානු පූර්ණ සාමාජිකයෙකු මින් ඉදිරියට සැලකීමට පියවර ගන්නා බවද ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පරිපාලනය පසුගිය (2022) වර්ෂයේ අප්‍රේල් පළමුවැනිදා සිට තාවකාලිකව අත්හිටුවීමට ඒවක සිටි ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය. පසුව ආසියානු රග්බි සම්මේලනය විසින් පසුගිය මැයි පළමුවැනිදා , ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට තහනමක් පැනවීමට ක්‍රියා කලේය.