අදින් ඇරඹෙන ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයෙකු ඇතුළු අනුග්රාහකයන් ඉදිරිපත්ව සිටියද ඔවුන්ගේ අනුග්‍රහය සඳහන් කෙරෙන පුවරු ඊයේ (09දා) දඹුල්ලේදී පැවැති ශ්‍රී ලංකා හා එංගලන්ත ක්‍රීඩකයන්ගේ මාධ්‍ය හමුව පැවැත් වූ ස්ථානයේදී ප්‍රදර්ශනය නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී හා ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාවන්හිදී අනුග්රාහකයාට ප්රමුඛත්වයක් දීම සාමාන්‍ය සම්ප්රදායක් වුවද ඊයේ මෙම අකටයුත්ත සිදු වී ඇත්තේ ඊට පහසුකම් සපයන්නන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ නොසැලකිලිමත්කම නිසා බවද වාර්තා විය.
ඡායාරූපය ශාන්ත රත්නායක