ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ. එම නිලවරණය පෙබරවාරි 07 දා පැවැත්වීමට නියමිතව තිබුණත් එය 21 දා තෙක් කල් දමා ඇත.
නිතිපති උපදෙස් අනුව පවතින නෛතික අවශ්‍යතාව මත මෙම නිලවරණය කල් දැමූ බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා මහතාට ලිපයක් මගින් දන්වා ඇත.