ශ්‍රී ලංකාව 1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (17දා) වසර 25ක් (රිදී ජුබිලිය) සැපිරේ.
1996 වසරේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී කඩුලු 07ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කර ගැනීමට සමත්විය. කෙසේ වෙතත් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව කිරුළ දිනාගත් එකම අවස්ථාව එය වන අතර, ඊට පසුව අවස්ථා දෙකකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද කිරුළ දිනා ගැනීමට නොහැකි විය.
මේ අතර 1996 දී එක්දින ලෝක කුසලානය ජයග්රහනයකර වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන විශේෂ වැඩසටහනක් අද දිනයේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පස්වරු 06.00ට ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී 1996 ලෝක කුසලානයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිත අතර ක්‍රීඩකයින් සමග කතාබහ කිරීමට, 1996 ලෝක කුසලානයේ සමරු මිලදී ගැනීමට, ලෝක කුසලානයේ රසවත් කතා හුවමාරු කරගැනීමට, විශේෂ විනෝදාත්මක වැඩසටහන් සහ ලෝක කුසලාන විරුවන් සමග ඡයාරූප ගැනීමට ආදී වැඩසටහන් රැසක් සංවිධානය කර තිබීම සුවිශේෂිය.