බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබා සිටියි
ඉනිමේ පළමු කඩුලු දෙක වශයෙන් දිමුත් කරුණාරත්න ලකුණු 6කට හා ඕෂද ප්රනාන්දු ලකුණු 14කට දුවද්දී දැවී යාම්වලට හසු විය.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 21ක් හා චරිත් අසලංක ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටියි.
දිනය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 253කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 70කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය
තරගයේ පළමුව පන්දුවට පහරුදුන් ශ්රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 204ක් පමණයි.
මේ වන විට ශ්රී ලංකාව ලකුණු 3ක් පිටුපසින් සිටියි.