සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසලීන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ක්රයිස්චර්ච් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 88ක් රැස්කරගෙන සිටියි.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්තය මුලින්ම පන්දුවට පන්දුවට පහර දුන්නේය. ඔවුන්ට සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 178ක් පමණි.
ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්රී ලංකාව තවත් ලකුණු 90ක් පසුපසින් සිටියි.
ඇන්ජලෝ මැතිව්ස් හා රොෂේන් සිල්වා නොදැවී පිටියේ රැදී සිටිති.