සත්කාර ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටියි.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 574/8ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිිතිහරඹයක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා වේගවත් ඉනිමක් ක්‍රිඩා කරමින් ලකුණු 175ක් නොදැවී රැස්කළේය.
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න 28, ළහිරු තිරිමාන්න 17, ඇන්ජලෝ මැතිව්ස් 22, ධනංජයද සිල්වා 1 දැවී ගිය ක්‍රීඩකයෝ වෙති.
පැතුම් නිශ්ශංක හා චරිත් අසලංක පිටියේ රැදී සිටියි.