සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට පිළිතුරු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ශ්රී ලංකාව තවත් තවත් ලකුණු 313ක් පසුපසින් සිටියි.
දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 85ක් හා ධනංජයද සිල්වා ලකුණු 26ක් රැස්කරගෙන සිටියි.
ළහිරු තිරිමාන්න (85), ඕෂධ ප්රනාන්දු (20), ඇන්ජලෝ මැතිව්ස් (25) දැවී ගිය ක්රීඩකයෝ වෙති.