සත්කාරක නවසීලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ ලකුනු 183 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට ඒය හඹා යාමට හැකිවූයේ පන්දුවාර 19 කදී කඩුළු6 ක් දැවී දැඩි අසීරුවෙනි.
නවසීලනත්ය වෙනුවෙන් නැවතත් සාර්ථක වූ ටිම් සීෆර්ට් පන්දු 48 කදී ලකුනු 88 ක් රැස් කලේය. ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර කඩුළු 3 ක් දවා ගත්තේය. ඔහු යැවී තරගයේ අවසන් පන්දුවාරයේදී පිට පිට කඩුළු 3 ක් බිඳ වැටීම විශේෂත්වයකි.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රි ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 182 ක් රැස් කලේය.