සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට වටයට සුදුස්කම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 250ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.2කදි කඩුලු 7ක් දැවී ලකුණු 251ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
නායක දුනිත් වෙල්ලලගේ පන්දුවාර 10ක් යොමුකරමින් ලකුණු 39ට තුනක් දවා ගත්තේය. ආරම්භක පිතිකරු සදීෂ රාජපක්ෂ පන්දු 115කදී ලකුණු 76ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය පදනම දැමීය. ඔහු තරගයේ වීරයා ලෙසින්ද සම්මාන හිමිකර ගත්තේය.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ස්කොට්ලන්තය, ඔස්ට්‍රේලියා හා කොදෙව් කණ්ඩායම පරාජය කරමිනි.