ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තරගයෙන් කඩුළු 6ක පහසු ජයක් හිමිකර ගැණීමට ශ්‍රී ලංකාව සමත්විය. බ්‍රිස්බේන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 144 ක් රැස් කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් යලිත් සාර්ථක පන්දුයැවීමක නිරත වූ වනිඳු හසරංග ද සිල්වා කඩුළු 3 ක් දවා ගත්තේය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුළු 4 ක් දැවී සිය ඉලක්කය පසුකර ගියහ. ධනංජයද සිල්වා එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත ගෙන ගියේ පන්දු 42 කදී ලකුණු 66 ක් වාර්තා කරමිනි. තරගයේ වීරයා සම්මානය ධනංජය ද සිල්වා විසින් හිමිකර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුනු සටහනේ එංගලන්තය හා අයර්ලන්තය අබිබවා තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගිමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු අළුත් කර ගැනීමට ඔවුන් සමත්වූහ.