තම රජය ඉඩ දෙන්නේ නම් තරග හයක සීමිත ඕවර තරග මාලාවක් සඳහා ජූලි මාසයේදී ශ්රී ලංකාවේ සංචාරය කිරීමට විවෘත බව ඉන්දීය ක්රිකට් මණ්ඩලය පවසයි.
“මේ සියල්ල රඳා පවතින්නේ අගුලු දැමීමේ ලිහිල් කිරීම් සහ සංචාරක සීමා කිරීම් සම්බන්ධ රජයේ නියෝග මත ය. අපේ කොල්ලන්ගේ ආරක්ෂාව හා සෞඛ්යය අඩපණ නොකරන්නේ නම් අපි සංචාරය කිරීමට විවෘතව සිටිමු.” යැයි ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය පවසයි.
නිරෝධායන නීති රීති පිළිපැදීමට සූදානම් නම්, ජූලි මස අවසානයේදී එක්දින තරග 3 ක්, විස්සයි 20 තරග 3 ක් සඳහා සත්කාරකත්වය සැපයීමට ඉදිරිපත් වන බව ශ්රී ලංකා ආයතනය ඉන්දීය ක්රිකට් ආයතනයට දැනුම් දීම අනුව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය මේ පිළිබදව අවදානය යොමුකර තිබේ.