බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ විය.
තරගයේ පළමු දිනයටම වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය ආරම්භ වුණේ පස්වරු 3ටයි.
කාසියේ වාසිය ජය ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දිමුත් හා පැතුම් නිස්සංක පළමු කඩුල්ලට යළිත් ශතක සබදතාවයක් ගොඩ නැගීමට සමත් විය.
එම සබදතාවය ලකුණූ 106 දී බිද වැටුණේ දිමුත් ලකුණු 42කට දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වීමත් සමගයි.
පැතුම් නිස්සංක සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 61ක්. ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 2යි.
ඒ අනුව දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම දැක් වුණේ කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලෙසයි.