කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. ඒ නවසීලන්තය හමුවේ ලකුණු 102 ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙනි. මෙම තරගය පාල් හිදී පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තන ක්රීඩිකාවන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී ලකුනු 162 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ.
නවසීලන්ත ඉනිම ගොඩ නැංවූ සුසී බෙට්ස් ලකුණු 56 ක්ද අමේලියා කෙර් ලකුනු 66 ක්ද බැගින් රැස් කළහ. ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුනු 110 ක දැවැන්ත ලකුණු සබඳතාවක් එක් කළහ.
ඒ අනුව ලකුනු 163 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ක්රීඩිකාවන් සියල්ලෝම පන්දුවාර 15.5 ක් අවසානයේ ලකුණු 60 කට දැවී ගියහ.
ශ්රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්රීඩිකාවකට ලකුනු 20 සීමාවට ලගාවීමට නවසීලන්ත ක්රීඩිකාවන්ගෙන් ඉඩක් නොලැබුණහ. පන්දු යැවීමේදී අමේලියා කෙර් හා ලියා තහුහු කඩුළු 2 බැගින් බිඳ හෙලූහ. ශ්රී ලංකා කණ්ඩායමේ සියළු කඩුළු ලකුනු 38 ක් තුළ බිඳ වැටීම කැපී පෙණින.
මේ අනුව ප්රසාද ලකුණු සටහනේ ශ්රී ලංකාව අබිබවමින් නවසීලන්තය දෙවැනි ස්ථානයට පත්විය.
අද (21දා) පැවැත්වෙන දකුණු අප්රිකානු - බංග්ලාදේශ අතර තරගයෙන් සත්කාරක දකුණු අප්රිකානු කණ්ඩායම ජය ගතහොත් දකුණු අප්රිකාවට තරගාවලියේ අවසන්පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකියාව ලැබෙන අතර පරාජය වුවහොත් නවසීලන්තයට එම අවස්ථාව හිමිවේ.