සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමා කරන විට ශ්රී ලංකා කණ්ඩායම කිිවෙකු නොදැවී ලකුණු 29ක් රැස්කරගෙන සිටියේය.
එ කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුනු 377ක ඉලක්කයට පිළිතුරු වශයෙනි. තරගයේ ජයග්රහණය වෙනුවෙන් අද දිනයේදී ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 348ක් රැස්කළ යුතු වෙයි.
කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 354ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 258ක් පමණි.
නැවතත් සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ කොදෙව් කණ්ඩායම කඩුලු 4ට ලකුණු 280ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. ඒ අනුව ශ්රී ලංකාවට ලකුණු 377ක ඉලක්කයක් හිමිවිය.