ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) තරගාවලියේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකු වන ඈෂ්ලි චන්ද්‍රසිංහ සිය මංගල තරගයේදීම ශතකයක් වාර්තා කරමින්, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ මේ වන විට ඉහළ අවධානයක් දිනාගෙන සිටියි. ඔහු මෙම දස්කම දැක්වූයේ තරගාවලියේ වික්ටෝරියානු හා තස්මේනියානු ප්‍රාන්ත කණඩායම් අතර පැවති තරගයේදීය. මෙහිදී ඔස්ට්‍රේලියානු ජාතික තේරීම් කමිටුවේ අවධානයට ලක්විය හැකි ඉනිමක් ක්‍රීඩා කළ ඈෂ්ලි පන්දු 333 කදී අගනා ලකුණු 119 ක් රැස් කලේ හතරේ පහර 13 ක් සමගිනි. ඔහු ප්‍රිමියර් ශ්‍රේණියේ තරගවල අඛණ්ඩව ශතක පහක් ලබාගෙන ඇති අතර ඒ නිසාම වික්ටෝරියා කණ්ඩායමේ දෙවැනි පෙළ කණ්ඩායම වෙනුවෙන් ගිවිසුම්ගත විය