උස්බෙකිස්තානයේදී ඊයේ (19දා) නිමාවූ ආසියානු පාසල් චෙස් තරගාවලියේ ක්ලැසිකල් අංශයේ රන් පදක්කම් දෙකක් දිනා දීමට රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ මුදලිගේ උමන්දි හා මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ පෙහන්සා සමරවීර සමත්වූහ.
එතෙර පැවති ආසියානු පාසල් ක්ලැසිකල් චෙස් තරගාවලියකදී එකවරම මෙරටට රන් පදක්කම් දෙකක් හිමිවූයේ වසර නවයකට පසුවය.
2014 වසරේ තායිවානයේ පැවති 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී වයස 13න් පහළ බාලක රන් පදක්කම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන් පියුමන්ත ද එම වය්ස කාණ්ඩයේ බාලිකා රන් පදක්කම කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉෂිනි වික්‍රමසිංහ විසින් දිනා ගත්හ.