සත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේ හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිම කරන විට එක් කඩුල්ලකට ලකුණු 42ක් රැස්කරගෙන සිටියි.
සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස්කිරීමට සමත්විය. සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රෙග් එර්වින් ලකුණු 85ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 114ට කඩුලු 5ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ දැවීගිය පිතිකරු වන ඕෂධ ප්‍රනාන්දු ලකුනු 21ට දැවී ගියේය. නායක දිමුත් කරුණාරත්න (12) හා කුසල් මෙන්ඩිස් (6) නොදැවී පිටියේ රැඳී සිටිති. අද තරගයේ තෙවැනි දිනයයි.