ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් කණ්ඩායමට හිමි වරප්‍රසාද, පහසුකම් සහ සැලකිලි සියල්ල ලබාදෙන බවත්, ඔවුන්ව අද (04දා) සිට ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ ආයතන ලෙස සලකන බවත් ක්‍රිකට් ආයතනය ඊයේ (03දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.
ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට ලෝක ශූරතාව දිනා දීමෙන් අනතුරුව ඊට නිසි ඇගයීමක් ලබාදීමට මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණු අතර, එහිදී ෆයිසර් මුස්තාෆා මහතා පවසා සිටියේ ශ්‍රව්‍යාබාධිත හෝ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව සම තැන ලබාදීම බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ව ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ ආයතන බවට පත්කිරීමට පියවර ගත් බවද හෙතෙම පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අතින් ලෝක ශූර ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට හිමි මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, මෙහිදී එක් එක් ක්‍රීඩකයාට සහ පුහුණුකරුවන්ට ඇමෙරිකානු ඩොලර් 500 බැගින් මුල්‍ය ත්‍යාග පිරිනැමුණි. මෙම සියලුම මුදල් ත්‍යාග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රාහක දායකත්වය දක්වා තිබුණි.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ජයලත් අපොන්සු, කණ්ඩායම් නායක ගිමදු මැල්කම්, කළමනාකාරිනී ඉන්ද්‍රානි ආරියරත්න, ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනි අනුලා රංජනී, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක රොෂේන් සිල්වා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ