වේල්සයෙන් බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ගැරත් බේල් අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට තීරණය කර ඇත.
2006 වර්ෂයේ පටන් වේල්ස් කණ්ඩායම නියෝජනය කළ බේල් වේල්ස් කණඩායමේ වත්මන් නායකයාද ලෙස ක්‍රියා කරයි.්‍ර
වේල්සය වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික පාපන්දු තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන බේල් තරග 111 කදී වාර්තා කළ ගෝල සංඛ්‍යාව 41 කි.
මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් වේල්ස් කණ්ඩායම මෙහෙයවමින් බේල් පසුගියදා වාර්තා අතරට ඒක්වූයේ වසර 64 කට පසු වේලස් කණ්ඩායම ලෝක කුසලානයක් කරා මෙහෙයවූ නායකයා බවට පත්වෙමිනි.
කෙසේ වෙතත් එහිදී වේල්සයට සැලකිය යුතු දක්ෂතා දැක්වීමට නොහැකි වූ අතර මූලික වටයෙන්ම ඉවත්විය. නමුත් ඒම තරගාවලියේදී වේල්සය වෙනුවෙන් වාර්තාවූ එකම ගෝලයේ හිමිකරුවා වූ බේල් වේල්සය වෙනුවෙන් වැඩිම ගෝල ලාභියාද වේ. එමෙන්ම වේල්සයේ වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය පස්වරක් දිනා ගත් බේල් එය වැඩිම සංඛ්‍යාවක් හිමිකර ගත් ක්‍රීඩකයාද වේ.
වේල්සය පාපන්දුවෙන් ඉහළට ඔසවා තැබීමට විශාල මෙහෙයක් සිදුකළ බේල් වත්මන් පාපන්දු පිටියේ දක්ෂතම වින්ගර් ක්‍රීඩකයෙකු ලෙසින්ද සැලකෙයි. ක්‍රීඩා සමාජ පිටියේදි ඔහු ඒංගලන්ත සවුතැම්ටන්, ටොටෙන්හැම්, ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් යන ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩා කර ඇති අතර වර්තමානයේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරයි.