ලබන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසනාලයෙන් පසුවද විස්සයි20 තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලසිත් මාලිංග අදහස් කරයි.
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය හා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ පිළිබඳව ඉඟි පළ කර තිබේ.
මාලිංග මීට ඉහතදී සඳහන් කළේ තමන් විස්සයි20 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
“ විස්සයි20දී මට තිබෙන්නේ පන්දුවාර හතරයි. මගේ කුසලතාත් එක්ක මට විස්සයි20 තරග පන්දු යවන්නෙක් ලෙස කළමණාකරණය කරන්න පුළුවන්.මම ලෝකය පුරාම විස්සයි20 තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා තවත් වසර 2ක් මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.
ශ්‍රී ලංකාවට හොඳ පන්දු යවන්නෙකුගේ අඩුවක් තිබෙනවා.මෙය වසරකින් හෝ වසර එක හමාරකින් හරිගසන්න බෑ. අපිට ඉවසන්න වෙනවා වසර දෙකක් හෝ තුනක්.
මම විශ්වාස කරනවා මට තරුණ ක්‍රීඩකයන්ට යමක් දෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් මම එහි ඉන්න වෙනවා. මම ක්‍රීඩා කළොත් තරුණ ක්‍රීඩකයන්ට යමක් කරන්නේ කොහොමද කියලා පෙන්වන්න පුළුවන්. නමුත් මම ක්‍රීඩා කරන්නේ නැත්නම් එය කරන්න බෑ.”