ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේදි පැවැත්විමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනිමට ශ්රි ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත්විය.
ඒ අබුඩාබි හි පැවැත්වෙන සුදුසුකම් ලැබිමේ තරගාවලියේදි ඊයේ ශ්රි ලංකාව හා සත්කාරක එක්සත් අරාබි එමිර් කාන්තා කණ්ඩායම සමගින් පැවැති අවසන් පූර්ව තරගයේ ශ්රි ලංකාව ලකුණු 15ක ජයක් ලබා ගැනිමත් සමගිනි.
මේ අනුව ස්කොට්ලන්තයට පසුව ශ්රී ලංකාව ලේක කුසලානයට සුදුසුකම් ලැබිය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රි ලංකා කණ්ඩායම ලකුණු 149/6ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්රිඩා කළ එක්සත් අරාබි එමිර් කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුනු 134/7ක් පමණි.
මේ අනුව එක්සත් අරාබි එමිර් කණ්ඩායම හා ශ්රි ලංකාව අතර පැවැත්විමට නියමිත අවසන් මහ තරගය හෙට පැවැත්විමට නියමිතය.