ප්‍රකට විස්ඩන් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද දශකයේ විස්සයි20 පන්දු යැවීම ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් 2014 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 3ට කඩුලු පහක් දවා ගැනීම නම්කර තිබේ.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 119ට දැවී ගිය අතර හේරත්ගේ විස්මිත පන්දු යැවීම හමුවේ නවසීලන්තය ලකුණු 60කට සීමාවිය.
එහිදී හේරත් මැකලම් 0, රොස් ටේලර් 0, ජිමී නිසාම් 0, ලුක් රොංකි 2, ට්‍රෙන්ට් බෝල්ට් 0 යන ක්‍රීඩකයෝ දවා ගැනීමට සමත්වූහ.
ඊට අමතරව මාටින් ගප්තිල් හා කේන් විලියම්සන් යන ක්‍රීඩකයන් දුවද්දී දැවී යාමකටද හසුකර ගත්තේය.
හේරත්ගේ මෙම විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ඉදිරියට යමින් එම වසරේ විස්සයි20 ලෝකු කුසලානයද හිමිකර ගත්තේය.