19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ තියුණු තරගයකින් පසු ලකුණු 10 ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්විණී.
තරගයේ බංග්ලාදේශයෙන් ලැබුණු ලකුනු 166ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 155 ක් පමණි.
නායිකා විෂ්මි ගුණරත්න පන්දු 54 කදී හතරේ පහර 8 ක් හා එක් හයේ පහරක් සහිතව ලකුණු 60 ක් නොදැවී රැස් කළ අතර දෙව්මි විහංගා පන්දු 44 කදී හතරේ පහර 7 ක් හා හයේ පහර දෙකක් සහිතව ලකුනු 55 ක් රැස් කළහ. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මරූෆා අක්තේර් ලකුනු 19 කට කඩුළු 2 ක් දවාලීය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 2 ක් දැවී ලකුනු 165 ක් රැස් කළහ. ආරම්භක පිතිකරු අෆියා ප්රොටාෂා ලකුණු 53 ක් රැස් කලේය. ඉනිමේ අවසාන භාගයේ වේගවත් පිතිහරඹයක් දියත් කළ ෂෝනා අක්තෙර් පන්දු 28 කදී ලකුනු 50 ක් රැස් කලාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුයැවීමෙන් රෂ්මි නේත්‍රාංජලී එක් කඩුල්ලක් දවා ගත්තාය.
තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි තරගය මෙය වන අතර පළමු තරගයෙන් ඇමරිකානු කාන්තා කණ්ඩායම පරදා කඩුළු 7 ක ජයක් හිමිකර ගැනීමට ඔවුන් සමත්විය.