සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක නවසීලන්තයේ කේන් විලියම්සන් සිය කණ්ඩායමෙන් ඉවත් වී ඊයේ (18දා) නැවත නවසීලන්තය බලා පිටත්ව ගියේය.
මේ පිළිබඳ ට්විටර් සටහනක් තබමින් සන්රයිසස් හයිද්‍රාබාද් නිවේදනය කළේ, දෙවැනි වරටත් පිය පදවිය ලැබීමේ බලාපොරොත්තුවෙන් ඔහු හයිද්‍රාබාද් ජෛව බුබුල අත්හැර නවසීලන්තය බලා පිටත්ව ගිය බවයි.
අපේ නායක කේන් විලියම්සන් නැවතත් නවසීලන්තයට යනවා ඔහුගේ පවුලට එක්වන අලුත්ම සාමාජිකයා පිළිගැනීමට. විලියම්සන්ට සහ ඔහුගේ බිරිඳට සුබ පතනවා. හයිද්‍රාබාද් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.