ගුජරාට් ටයිටන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර අයි.පී.එල්. අවසන්මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර මේ හේතුවෙන් තරගය අතරමැද පැය තුනකට ආසන්න කාළයක් නතර කිරිමට සිදුවිය.
කෙසේ වෙතත් මෙහිදී වර්ෂාන නැවැත්වීමෙන් පසු ක්‍රීඩාංගණ සේවකයින් විසින් ක්‍රීඩාංගණයේ ජලය ඉවත්කිරිමේ කාර්යය සිදුකිරීම ඉන්දීය සමාජමාධ්‍ය තුළ දැඩි හාස්‍යයට ලක් වූයේ නිසි ආරක්ෂණ උපක්‍රමයක් අනුගමනය නොකලේ යැයි චෝදනා කරමිනි. මෙහිදි අදාළ සේවකයින් විසින් තණනිල්ලේ ජලය වියලීමට ප්‍රාථමික ක්‍රමයක් වූ ස්පොන්ජ් කැබලි භාවිතා කිරීම මෙහිදී දැඩි විවේචනය ලක්විය. ඇතැමුන් මෙම ජලය ඉවත්කරන ඡායාරූප පලකරමින් පිළිබඳව පවසා තිබුනේ ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය තුළ ජලය ඉවත්කිරීමට භාවිතා කරන නවීන තාක්ෂණය මෙය බවයි. එමෙන්ම ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ සම්බන්ධව නවීන විසඳුම් ලබා දීමට හැකිව තිබියදී ප්‍රාථමික ක්‍රම මගින් ජලය ඉවත් කරන බවටද ඇතැමෙකු මෙහිදී විවේචනය කර තිබිණ.