වසර 8කට පසුව සිය ටෙස්ට් දිවියේ ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වූයේය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළම ටෙස්ට් තරගයේදීය.
ළහිරු අවසන්වරට 2013 වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කර තිබුණි.
ඉන් අනතුරුව ඔහු ටෙස්ට් දිවියේ ශතකයක් වාර්තා කර නොතිබුණි.
එසේම ළහිරු ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමට ටෙස්ට් තරග 25කට අධික සංඛ්‍යාවක් වැය කර තිබේ.
තරග 38ක් තුළ ළහිරු වාර්තා කළ දෙවැනි ටෙස්ට් ශතකය මෙය වෙයි.