වසර 34කට පසු ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක හයට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. 1984 වසරේදී ඔස්ට්‍රේලියාව අවසන්වරට අංක හය ස්ථානයේ පසුවී තිබේ. එංගලන්තය හා පැවැති පළමු එක්දින තරග දෙකේ පරාජයෙන් පසුව ඔස්ට්‍රේලියාව මෙසේ පහතට වඩී තිබේ.
තරග පහකින් යුත් එක්දින තරගාවලියේ තවත් තරග තුනක් ඉතිරිව ඇති අතර එයින් එක් තරගයක් හෝ ජයගතහොත් ඔස්ට්‍රේලියාවට එක් ස්ථානයනක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිව තිබේ.
2017 වසරේ පටන් ඔස්ට්‍රේලියාව එක්දින පිටයේ අසාර්ථක තරග රටාවක් පෙන්නුම් කරමින් තිබේ. අවසන්වරට ක්‍රීඩා කර ඇති එක්දින තරග 15න් 13ක්ම ඔවුන් පරාජයට පත්ව ඇත. මෙම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රි ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානයේ පසුවෙයි.