ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තමන් සහභාගි වූ තෙවැනි තරගයෙන් සෞදි අරාබිය පරදා ගෝල 2-1 ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝව සමත්විය. මෙම තරගය ලුසේල් ක්රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ මෙක්සිකෝව වෙත පළමු ගෝලය වාර්තා කිරිමට ඉදිරිපෙළ ක්රීඩක ජොශුවා මාටින් සමත්විය. ඉන් මිනිත්තු 5 ක් ගතවද්දීම ජෙරාඩෝ චාවේස් දෙවැනි ගෝලයද මෙක්සිකෝව වෙත වාර්තා කරදුන්නේ තරගයේ වාසිය තමන් වෙත හරවා ගනිමිනි.
කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදි සෞදි වින්ගර් ක්රීඩක සලීම් දව්සාරි ගෝලයක් වාර්තා කලේ මෙක්සිකානු බලාපොරොත්තු සුන් කරමිනි. මේ සමගින් අවසන් ප්රසාද ලකුනු සටහනේ මෙක්සිකෝව අබිබවා පෝලන්තය ඉදිරියට පැමිණීමට සමත්වූයේ වාර්තා කළ හා එරෙහිව වාර්තා වූ ගෝල ප්රමාණය අනුවය.
ලෝක කුසලානයේදී සාර්ථක කණ්ඩායමක් වන මෙක්සිකෝවට මීට පෙර අවසන් වරට ලෝක කුසලානයක දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වූයේ 1990 වර්ෂයේදීය. ඒ එම වර්ෂයේදී මෙක්සිකෝ පාපන්දු කණ්ඩායම තහනම් කිරීමට ගත් පියවරක් වශයෙනි. ඉන් අනතුරුව පැවති සියළුම තරගාවලි හි අවසන් 16 දෙනාගේ වටය දක්වා පැමිණිමට ඔවුන් සමත්වි ඇත.