ඔස්ට්‍රේලියාව නියෝජනය කරන මිචෙල් මාෂ් හා එංගලන්තය නියෝජනය කරන සෑම් කරන් දෙපළ මෙම කණ්ඩායම් දෙකටම නැතිවම බැරි ක්‍රීඩකයින් වී ඇතිවා සේම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයටද ,දෙදෙනාම ඒ ඒ කණ්ඩායම් නියෝජනය කලේය.
රටවල් දෙකක් නියෝජනය කළද මොවුන් දෙදෙනා කුඩා අවධියේදී එකට කෙලි සෙල්ලම් කරන ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රිය වී ඇත. මෙහිදී කුඩාකළ පටන් මොවුන් දෙදෙනාගේ තිබෙන මිතුදම අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්විණි.
සෑම් කරන්ගේ පියාවන නැසී ගිය කෙවීන් කරන් සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර මිචෙල් මාෂ්ගේ පියාවූ ජෙෆ් මාෂ්ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු විය.
ක්‍රිකට් දිවියෙන් පසු පුහුනුකරුවන් ලෙසින් ඔවුන් දෙදෙනාම 2000 දශකයේ මුලදී සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙසින් ක්‍රියා කලේය.
එහිදී ඇතිවූ දෙමව්පියන්ගෙන් ඇතිවූ මිතුදම නිසා අදටද සෑම් කරන් හා මිචෙල් මාෂ් දෙදෙනාම පිටියෙන් පිටතදී කුළුපග මිතුරන් වන අතර ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූපය 2003 වර්ෂයේදී ගන්නා ලද්දකි.
මිචෙල් මාෂ්ගේ පියාවන ජෙෆ් මාෂ් පසුව 2011-2012 කාළයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින්ද ක්‍රියා කලේය. කෙසේ වෙතත් සෑම් කරන්ගේ පියාවූ කෙවීන් කරන් 2012 වර්ෂයේදී සිදුවූ හදිසි අනතුරකින් මෙලොව හැර ගියේය.
සෑම් හා මිචෙල්ට අමතරව ඔවුන්ගේ වැඩිමහළු සොහොයුරන් වූ ටොම් කරන් හා ෂෝන් මාෂ් දෙදෙනාම පිළිවෙලින් එංගලන්ත හා ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.
සෑම් කරන්
මිෙචල් මාෂ්
දෙදෙනා කුඩා කළ සෙල්ලම් කරන ඡායාරූපය