වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියක් සඳහා එක්වීම සඳහා ශ්රී ලංකාව දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට යෑමට නියමිතව තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග දෙකක් වෙනුවෙන් එක්වීමට ශ්රී ලංකාව මෙසේ පාක්සාතානයට පිටත් වෙයි.
එම ටෙස්ට් තරග දෙක රාවල්පිණ්ඩි නුවරදී (දෙසැම්බර් 11දා – 15දා) හා කරච්චි (දෙසැම්බර් 19 දා - 23 දා) පැවැත්වීමට නියමිතය.
පාකිස්තානයේ තරග සංචාරයක නිරත වූ ශ්රී ලංකා කණ්ඩායමට 2009 වසරේදී එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසු ශ්රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන්නේ වසර 10කට පසුවය.