රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරගයක් වසර පහක පමණ කාලයක සිට පවත්වා නැතැයි දඹුලු ක්‍රීඩාලෝලී හූ පවසති.
දැනට පවතින සෑම තරගයක්ම දිවයිනේ අනෙකුත් ක්‍රීඩාංගනවලට පමණක් ලබා දෙන්නේ කුමක් නිසාදැයි ඔවුහු උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයෙන් ප්‍රශ්නකර සිටිති.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගනණයේ තරග නොපවත්වා එහි පවතින විදුලි බුබුළු අනෙකුත් ද්‍රව්‍ය වෙනත් ක්‍රීඩාංගනයට රැගෙන යෑමේ හෝ ගලවා දැමීමේ අවදානමක් පවතින බවට දඹුලු ක්‍රීඩාලෝලීන් සැක මතු කරන බව ඔවුහු පවසති.
කෙසේ වෙත් වෙතත් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය මගින් පාලනය කරන නිසාවෙන් එහි බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කොට ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිහිපයක් හෝ ලබා දෙනලෙස ජනතාව ඉල්ලීම්ක් කර සිටියහ
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 2018 සැප්තැම්බර් මස අවසන් වරට ජාත්යන්යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වූ බවත් ඉන් පසුව මෙතෙක් ජාත්‍යන්තර තරඟයක් නො පවත්වා ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
මෙම ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් උතුරුමැද පලාත් ක්‍රිකට් සංගමයේ ලේකම් සුජීව ගොඩලියද්ද මහතාගෙන් අප විමසීමේදී කියා සිටියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු රැසක් පවතින බවය.
එම නිසා කඩිනමින් මේ වසරේ නඩත්තු කටයුතු සියල්ල අවසන් කොට ජාත්‍යන්තර තරග කිහිපයක් පැවැත්වීම සඳහා දැනට සැලසුම් සකස් කරමින් සිටින බවය
ක්රිඩාක්රීඩාංගනයේ සවිකොට ඇති විදුලි පහන් සියල්ල වර්තමානයට සරිලන පරිදි වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් තවමත් ඒවා ගල්වා හෝ ඉවත් කිරීමේ කටයුත්තක් සිදු කර නැති බවද දැනට විදිදුලි බුබුළු 160 ක ප්‍රමාණයක් පවතින නමුත් එම ප්‍රමාණය 220ක් පමණ දක්වා වැඩි කොට තවදුරටත් විදුලි කණු උස් කිරිමේන් ක්‍රීඩාංගනයෙ වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගෙවුණු වසරේ දින 97 ක පමණ කාලයක් තරඟ පවත්වා තිබෙන බවද ඒවා ජාත්‍යන්තර තරග නොවුනත් ජාත්‍යන්තර මට්ටමේ ම ක්‍රීඩාංගනයක පැවති තරඟ හා පැවැත්වූ බව ඒ මහතා සඳහන් කළේය .
දඹුල්ල ක්‍රීඩාංගනය විශාල ප්‍රේක්ෂක ජනතාවකගේ ආකර්ෂණය ඇති ක්‍රීඩාංගණයක් නිසා ඊට සරිලන විදිහට නව්‍යකරණය විය යුතු බවද හෙතෙම සඳහන් කළේය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ රුපියල් බිලියන 6.6 ක් වාර්තාගත ලාභයක් ලබා තිබෙන බවත් එම නිසා සෑම ක්‍රීඩාංගනයකම නව්‍ය කරණයට ලක් කිරීම්ට ද හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් බිලියන 10 ක පාඩුවක් මත ගමන් කරද්දී කෙසේ හෝ මෙම ගෙවුණු වසර ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වී තිබෙන බවද සුජීව ගොඩලියද්ද පෙන්වා දුන්නේය.