2019 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වර්ණ රාත්රියේදී වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයාට පිරිනමන 'ඇලන් බෝඩර්' සම්මානය ඩේවිඩ් වෝනර් විසින්ද, වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවට පිරිනමන 'බෙලින්ඩා ක්ලාක්' සම්මානය එලිස් පෙරි විසින්ද දිනාගන්නා ලදී. වර්ණ රාත්‍රිය ඊයේ (10දා) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී පැවැත්විණි.
වසරක තරග තහනමකට පසුව නැවතවරක් ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමග එක්වූ හිටපු උපනායක වෝනර් තෙවැනි වරටත් 'ඇලන් බෝඩර්' සම්මානය හිමිකර ගත් අතර, ඇලිසේ පේරි 'බෙලින්ඩා ක්ලාක්' සම්මානය දිනාගනු ලැබුවේ දෙවැනි වරට වීමද විශේෂත්වයකි.
එම සම්මානය හිමිකර ගැනීම සඳහා වෝනර්ට තරගයක් දෙන්නට සිදුවූයේ ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු ස්ටීව් ස්මිත් සහ පසුගියවර .ඇලන් බෝඩර්. සම්මානය හිමිකරගත් පැට් කමින්ස් සමගිනි. මේ අතර පෙරීට තරගයක් දෙන්නට සිදුවූයේ මෙම සම්මාන රාත්රියේදී වසරේ එක්දින ක්‍රීඩිකාව සහ පන්දුවාර විස්සයි20 ක්‍රීඩිකාව සම්මානය හිමිකරගත් ඇලිසා හේලි සමගිනි.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වර්ණ රාත්රියේදී සම්මානයට පාත්‍ර වූ සෙසු ක්‍රීඩික ක්‍රීඩිකාවෝ,
වසරේ ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රීඩකයා - ආරොන් ෆින්ච්
එක්දින ක්‍රීඩිකාව - ඇලිසා හීලි
හෝල් ඔෆ් ෆ්‍රේම් ඉන්ඩක්ෂන් - ෂැරෝන් ට්රේඩ්රියා, ක්‍රේග් මැක්ඩමට්
වසරේ ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයා - ටේලා ව්ලමන්ක්
වසරේ ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩිකාව - වෙස් ආගර්
වසරේ ටෙස්ට් ක්‍රීඩකයා - මාර්නස් ලබුෂේන්
වසරේ දේශීය ක්‍රීඩකයා - ෂෝන් මාෂ්
වසරේ දේශීය ක්‍රීඩිකාව - මොලී ස්ට්රැනො
වසරේ පන්දුවාර විස්සයි20 ක්‍රීඩකයා - ඩේවිඩ් වෝනර්
වසරේ පන්දුවාර විස්සයි20ක්‍රීඩිකාව - ඇලිසා හීලි