ඊයේ (4) එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීම හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් විය.
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ මෙම සුපර් ලීගය තුළින් වෙයි.
කණ්ඩායම් 13ක් තරග කරන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව මෙතෙක් අවසන් ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාව මේ වන විට 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 65ක් හිමි කර ගනිමින්ය. දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය තරග 9කදී ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 50ක්.
ප්‍රසාද ලකුණු සටහන