සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
දිනය ආරම්භ කරන විට කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබා සිටි ශ්රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 204කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය.
පැතුම් නිස්සංක ලකුණු 73ක් රැස් කළ අතර, දිමුත් කරුණාරත්න ලකුණු 42යි
මංගල ටෙස්ට් තරගයට ක්රීඩා කළ චරිත් අසලංකගේ ඉනිම ලකුණු 10කට සීමා විය.
සිය පලමු ඉනිම ක්රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ලබා සිටියි.
තරගයේ තෙවැනි දිනය (01) පෙරවරු 9.45ට ආරම්භ කිරීමට නියමිතය.