වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරව ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය නොඳුන් බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ් අනුව ඔවුන් දෙදෙනා තරගාවලියේ මූලික සංචිතය වෙනුවෙන් ඇතුළත් කර තරගාවලිය අතර තුළදී ක්‍රීඩා කරවීමට තිබූ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ බවද ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම ක්‍රීඩකයන් දෙදෙනා සැප්තැම්බර් මස 5 දා තේරිම් කමිටුව විසින් සකස් කළ 15 දෙනාගේ සංචිතයට එක්ක තිබුණ බවත් එය ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ අනුමැතිය සඳහා යොමුකළ බවත් ක්‍රිකට් ආයතනය පවසයි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ක්‍රිඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින් වනිදු හා චමීර සංචිතයට ඇතුලත් කිරීමට නම් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය බව සඳහන් කළේ යැයි ක්‍රිකට් ආයතනය පවසයි.